අතුරු අයවැයෙන් හයිබ්රිඩ් වාහන සඳහා බදු ඉහළ දැමීමෙන් අසාධාරණයට පත් ගැනුම්කරුවන් පිරිසක් අද (04) පස්වරුවේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පක්ෂයේ මූලස්ථානයේදී හමු වී තිබේ.
ඔවුන් වාහන ආනයනය සඳහා ඇණවුම් කිරීමේදී තිබූ බදු මේ වනවිට ඉහළ යෑම නිසා ඔවුන්ට රේගුවෙන් වාහන නිදහස් කර ගැනීමට අපහසු තත්වයක් උදාවී ඇත්තේ අමතර මිලක් ගෙවීමට සිදුවීම නිසාය. එසේම තමන් සන්තකයේ තිබූ වාහනය පෙර මිලට විකිණිමෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්වී ඇති බවත් එවැනි අසාධාරණයට ලක්වූවන් 500කට අධික පිරිසකගේ නාම ලේඛණයක් ඉදිරිපත් කරමින් තමන්ට සිදුවී ඇති අසාධාරණය වෙනුවෙන් මැදිහත් වන ලෙස ඔවුන් හඳුන්නෙත්ති මන්ත්රීවරයාගෙන් ඉල්ලා තිබේ.


Views: 0









