ගුරුවරයෙකු ඉල්ලා සිසුවා මානවහිමික් කොමිසමට

මහව අධ්‍යාපන කලාපයට අයත් පොල්පිතිගම, තලාකොළවැව මහා විද්‍යාලයට විද්‍යා ගුරුවරයකු ලබා දෙන්නැයි ඉල්ලා එහි අට වසරෙහි අධ්‍යාපනය ලබන ඊ.එම්. ප්‍රභාත් ලක්‍ෂිත ඒකනායක නම් සිසුවා මානව හිමිකම් කොමිසම වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා, මහව කලාප අධ්‍යාපනඅධ්‍යක්‍ෂවරයා හා පොල්පිතිගම කොට්ඨාස අධ්‍යක්‍ෂවරයා වග උත්තරකරුවන් ලෙස නම් කරමින් පසුගිය 29 වැනිදා මොහු මානව හිමිකම් කොමිසමේ අනුරාධපුර කාර්යාලය වෙත මෙම පෙත්සම භාරදී ඇත.

වසරකට වැඩි කාලයක සිට මේ විද්‍යාලයට විද්‍යා ගුරුවරයකු නොමැති බව පෙත්සම මඟින් කියා ඇති අතර ප්‍රභාත් ලක්‍ෂිත සිසුවා සමඟ විද්‍යාලයේ සිසුන් හා මවුපියන් කීපදෙනෙකුම එම අවස්ථාවට සහභාගී වී තිබේ.

Facebook
Twitter
LinkedIn