ලංවිම ගැන අපි ඉදිරිපත් කළේ නිවැරදි තොරතුරු

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවත්, මේ හේතුවෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පසුගියදා පවසා තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අයථා වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් අනාවරණය කරනු ලැබූ කරුණු සම්පූර්ණයෙන්ම නිරවැදි බවත් ඊට අදාළ ලියකියවිලි තමන් සතුව පවතින බවත්ය.

ඉංජිනේරුවරුන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් තමන් ගෙන නොමැති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

තමා අමාත්‍ය ධූරයට පත්වීමට පෙර අමාත්‍යංශය තුළ ඇතැම් පිරිස් විසින් අත්තනෝමතිකව සිය වැටුප් වැඩිකර ගැනීම සඳහා කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නීති කතා කියමින් නීතිවිරෝධී කටයුත්තකට සුජාතභාවය ලබා නොදී වහාම අදාළ චක්‍රලේක අවලංගුකරන්නැයිද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn