පසුගියදා ඉන්දීය ජාතික නිදහස් දින සමරුවට සමගාමීව ඉන්දියාවේ සංචාරය කළ ඇමෙරිකානු ජනාධිපත බැරක් ඔබාම සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි අතර අත්සන් කර ඇති න්‍යෂ්ටික ගිවිසුම දැඩි අවධානයට ලක්විය යුත්තක් බව හෙළි වේ. එම ගිවිසුම හරහා න්‍යෂ්ටික කටයුතුවලට අදාළව ඉන්දියාව වගවීමේ නීති මග හැරීමත් එම නීති හරහා ඇමෙරිකානු සැපයුම් කරුවන්ට සිදුවිය හැකි හානි වළක්වා ආරක්ෂා කිරීමටත් ඔවුන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
2011 වර්ෂයේදී ජපානයේ සිදු වූ සුනාමියත් සමග ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුරට අදාළව සළකා බැලීමේදී ඇමෙරිකානු ජෙනරල් ඉලෙක්ට්‍රිකල් සමාගමේ මාරිත් 1 නැමති න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකවල තිබූ උෂ්ණත්ව පාලනය කිරීමේ උපකරණවල තිබූ දුබලතාවය ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරට හේතු වූ බව හෙළි වී තිබේ. එලෙසම අවුරුදු 40කට පෙර එම දුබලතාව හඳුනාගත්තද ඊට පිළියමක් යෙදීමට මෙතෙක් කටයුතු කර නොමැත.
මේ හා සමාන තත්වයක් වත්මන් ඉන්දියානු ඇමෙරිකානු න්‍යෂ්ටික ගිවිසුම් හරහා සිදුවිය හැකි බවට බියක් ඉන්දියානු ජනතාව තුළ ඇතිවෙමින් තිබෙන බවත් ඊට එරෙහිව විරෝධතා මතු වෙමින් පවතී. ඉන්දියාවේ මිතිවර්දි ප්‍රදේශයේ ජනතාව එම කලාපය න්‍යෂ්ටික කටයුතුවලින් මුක්ත කලාපයක් ලෙස නම් කර තිබේ. වැඩිදුරටත් ඔවුන් පවසන්නේ ලොව ලොකුම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් දෙකට ඩොලර් බිලියන ගණනින් න්‍යෂ්ටික ව්‍යාපෘති සඳහා සමාගමවලට පොම්ප කරමින් ආරක්ෂාව (න්‍යෂ්ටික ව්‍යවසනයකදී) හා ආර්ථික ස්ථාවරත්වය පරිත්‍යාග කිරීම හෝ ප්රජාතන්ත්රවාදී ජනතා හඬට කන්දී න්‍යෂ්ටික ගණුදෙනු අතහැර දැමීම තෝරාගතව යුතුව ඇති බවයි.









