උතුරු මැද පළාත් සභාවේ නව මහ ඇමති ලෙස පේෂල ජයරත්න මහතා අද (02) පෙරවරුවේ වැඩ භාරගත් බව වාර්තා වේ. ෙ
පේෂල ජයරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී තමන් දැරූ පළාත් සභා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් විය. ඔහු මහ ඇමතිවරයා ලෙස පත් කිරීමට පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හා එජාපයේ කණ්ඩායම එකඟතාවයක් ඇති වූ බව වාර්තා වේ. ඒ අනුව හිටපු අමාත්‍ය එස්. එම්. රංජිත් මහතාට මහ ඇමති ධූරය අහිමි වූ අතර අමාත්‍ය ධූරයක්ද නොලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
Views: 0









