ශ්‍රිලනිපය අයවැයට පක්ෂව ඡන්දය දෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව තීරණය කර තිබේ. මේ බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල මහතා ප්‍රකාශ කළේ  මීලඟ මහ මැතිවරණයට ශ්‍රිලනිපය අනෙකුත් විපක්ෂයේ පක්ෂ එකරාශී කරගනිමින් ඉදිරිපත් වන බවයි. එහෙත් මේ වනවිට පැවති රජයේ සිටි දැනට විපක්ෂයේ සිටින අනෙකුත් කණ්ඩායම්  ශ්‍රිලනිපය සමග තරඟ නොකිරීමට තීරණය කර ඇති බවටද වාර්තා පළ වේ. එම කණ්ඩායම ශ්‍රිලනිපයේ දූෂිතයින්, එතනෝල්කරුවන්, විවිධ දූෂිත චෝදනාවලට ලක් වී සිටින පිරිස් ඒකරාශී කර ගනිමින් වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn