රඹුටන් වෙළඳුන්ගෙන් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මැරයින් යොදවා කප්පම් ගත් බවට විරෝධය පළ කරමින් කලගෙඩිහේන තිහාරියේ රඹුටන් වෙළඳුන් අද (01) කොළඹ නුවර මාර්ගයේ විරෝධතාවයක් පවත්වා තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ මැරයින් පැමිණ වෙළඳම් කිරීමට නොදෙන බවට තර්ජනය කරමින් දිනපතා එක් වෙළෙන්දකුගෙන් රුපියල් 200ක් බැගින් 2010 වසරේ සිට කප්පම් ගත් බවට ඔවුන් චෝදනා කරයි. එසේ පැමිණි පිරිස පිළිබඳ තොරතුරුද ඔවුන් හෙළිකර තිබේ. එම විරෝධතාවයට ප්‍රදේශයේ රඹුටන් වෙළඳුන් විශාල පිරිසක් සම්බන්ධ වී තිබේ.
Views: 0









