අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සිංගප්පූරු යයි

ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද සවස සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපයේම ඇමති ධූරයෙන් ඔහු ඉල්ලා අස්වන බව මාධ්‍ය වාර්තා කර තිබූ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අමාත්‍යංශ විෂයන් ගැසට් කිරීමේදී මුස්තාෆා මහතාට අයත් අමාත්‍යංශයේ විෂය පථයෙන් කොටසක් අර්ජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම  ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව අනාවරණය වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ කිසිවක් ඇමතිවරයා ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔහු යළි දිවයිනට පැමිණි පසු  සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බවද වාර්ථා වෙයි.

 

 

Facebook
Twitter
LinkedIn