බත් සහ බේකරි නිෂ්පාදන මිල අඩු වේ

තේ, ආප්ප, කොත්තු හා බත් පාර්සලයක මිල අඩු අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව බත් පාර්සලයක හා කොත්තුවක මිල රුපියල් 10කින්ද තේ කෝප්පයක හා ආප්පයක උපරිම මිල රුපියල් 10ක් ලෙස පවත්වාගෙන යෑමටද තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර බනිස් ,ජෑම්  බනිස් ,මාළු පාන්  ඇතුළු සියලුම පාන්පිටි නිෂ්පාදනවල මිල රුපියලත් රුපියල් පහත් අතර ප්‍රමාණයකින් හෙට (02) සිට අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල ගණන් සැළකිය යුතු මුදලකින් අඩු කිරීමත් සමඟම ජනතාට මෙම සහනය ලැබිණි.

Facebook
Twitter
LinkedIn