අද (24) අළුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 82 කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින්ද ඉහළ දමා ඇත. ඔක්ටේන් 92 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් දක්වාත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 450ක් දක්වාත් ඉහළ දමා තිබේ.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116 කින්ද ඉහළ දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400ක් සහ සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 445ක් ලෙස නව මිල දැක්වේ.

Views: 0










