අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙනලු – ඡායාරූප එළියට

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙනලු – ඡායාරූප එළියට

ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ පත්වීම් ලිපිය ලබාගත්තේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන බවත් ඉඩම් හා සංචාරක ඇමති ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව පැවසූවේ එම ඇමති ධුරය ලබා ගැනීමෙන් පසු අද (20) පැවත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

තමන් ඇමති ධුරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක් හෝ නොමැති බවත් ඒ තමන්ට දැණුනු අප්පිරියාව නිසා බවත් ඔහු එහිදී සඳහන් කළේය.

අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් “ආසයි බයයි” කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා කම්කරු හා විදේශ රැකියා ඇමති ලෙස දිවුරුම් දුන් මනූෂ නානායක්කාරද එක් වී සිටියහ.

Facebook
Twitter
LinkedIn