රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට පමණයි

හෙට (20) දිනයේ රජයේ අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධරයන් හැර අනෙකුත් නිලධරයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අද (19) පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්ධන භාවිතය අවම කර ගැනීම සඳහා, අත්‍යවශ්‍ය රජයේ සේවකයින් පමණක් හෙට දිනයේ රාජ්‍ය ආයතන සඳහා කැඳවන ලෙස ඉල්ලීමක් කළේය.

මෙම චක්‍රලේකය නිකුත් කර ඇත්තේ එම ඉල්ලීම මතය.

එමෙන්ම අත්‍යවශ්‍ය නැති ගමන් යෑමෙන් වළකින ලෙස ද අගමැති රනිල් වික්‍රමසිංහ සියලු ජනතාවගෙන්ම ඉල්ලා සිටී.

Facebook
Twitter
LinkedIn