කුරුණෑගල විලෝ ඉන් අවන්හලේ හිමිකරු වන දේවින්ද පෙරේරා නැමැත්තාගේ නිවසට යම්කිසි පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රී 12.00ට පමණ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මොහු පසුගිය කාලයේ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර පසුගිය 09වනදා ඇමති ජොන්ස්ටන්ගේ සහ කුරුණෑගල නගරාධිපතිගේ නිවාසවලට ගිනිතැබීමේ සිද්ධි මෙහෙයවූ කිහිපදෙනා අතර මොහුද සිටින බවට චෝදනා එල්ල වී තිබිණි.
එදින ගෝල් ෆේස් අරගල භූමියට එල්ල කළ රාජපක්ෂ මැර ප්‍රහාරය හමුවේ රට පුරා ජනතාව ප්‍රකෝප වී සිටි අතර මෙම දේවින්ද පෙරේරා නැමැත්තා ඇතුළු පිරිසකගේ නම්, ජොන්ස්ටන් පාර්ශවයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරතිබිණි. ඒ ප්‍රකෝපව සිටි ජනතාව, ඇමති ජොන්ස්ටන්ගේ සහ කුරුණෑගල නගරාධිපතිගේ නිවාසවලට ගිනිතැබීම්ව සඳහා පෙළඹ වූ බවට චෝදනා කරමින්ය.
කෙසේ වෙතත් මෙම වෙඩිතැබීම සහ පසුගිය 09 වනදා සිදුවීම අතර සම්බන්ධයක් තිබේද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නැති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම වෙඩිතැබීම්වලින් කිසිවෙකුත් තුවාල ලබා නැති අතර ඔහුගේ නිවසට හෝ වෙනත් දේපලකටද සැලකිය යුතු හානියක් සිදුව නැති බවද වාර්තා වේ. විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීම පිළිබඳව ඔහු පොලීසියට දැනම්දී ඇත්තේ අද (13) පෙරවරු 06ට පමණ බවද වාර්තා වේ.










