අන්තරේ පාගමනට කඳුලු ගෑස් ප්‍රහාරයක්

අන්තරේ පාගමනට කඳුලු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීමට උත්සාහ දැරූ අවස්ථාවේ එය වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ දී එම මාර්ගයේ රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය වෙමින් තිබූ අතර ඒවායේ ගමන් ගත් පිරිසද දැඩි අපහසුතාවයට පත් වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹුණු මෙම විරෝධතා පා ගමන හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ හරහා රාජගිරිය වෙත පැමිණ අනතුරුව පොල්දූව මංසන්ධිය වෙත පැමිණියේය.

පසුව පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන්කිරීමට උත්සහ කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

කෙසේ වෙතත් අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් එම ස්ථානයේ තවදුරටත් විරෝධතාවයේ නිරතව සිටිති.

Facebook
Twitter
LinkedIn