තමන් ඉල්ලා අස්වන බවට පැතිරයන කතා බොරු බවත් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබේ.
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත තිබෙන බවත් ඒ නිසා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරිම සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් ඔහු එහිදී පවසා ඇත.
යම් හෙයිකින් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත තමන්ට නොලැබීගියහොත් හෝ ජනාධිපතිවරයා පැවසුවහොත් පමණක් තමන් ඉල්ලා අස්වන බවද ඔහු පවසයි.
අගමැති මහින්ද රාජපක්ෂ මේ බව පවසා ඇත්තේ, අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වන බවට පලවන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමිණි.
Views: 0










