මහින්ද අද ගල උඩ සටනකට

පවතින දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යැයි කියන ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම අද නිවේදනය කිරීමට නියමිත අතර නව අගමැතිවරයෙකු තෝරා පත්කර ගැනීම ගල උඩ සටනක් බවට පත්වනු ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මේ වනවිට බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂය මෙහෙයවමින් එම පක්ෂයෙන් අගමැති ධුරයට මහින්ද රාජපක්ෂගේ නම පමණක් නැවත ඉදිරිපත් කරන අතර පොහොට්ටුවෙන් මන්ත්‍රී ධුර ලබාගෙන මේ වනවිට ස්වාධීන වූයේ යැයි කියන කණ්ඩායම ඩලස් අලහප්පෙරුම හෝ නිමල් සිරිපාල ද සිල්වාගේ නම යෝජනා කිරීමට සූදානමින් සිටී. මෙම තත්වය නිසා බැසිල් රාජපක්ෂගේ සැලසුම් මත ක්‍රියාත්මක කෙරෙන මහින්ද රාජපක්ෂ මූලික කර ගත් සැලසුම අනුව අගමැති ධුරය ලබා ගැනීම ගල උඩ සටනක් බවට පත්ව තිබේ. මේ සඳහා රහස් ඡන්ද විමසීමක් සිදු කිරීමේ හැකියාව සොයා බැලෙමින් තිබෙන අතර අවසන් මොහොතේ කුමක් සිදුවේ දැයි දැඩි අවිනිශ්චිත තත්වයක පවතී.

Facebook
Twitter
LinkedIn