වංචා දූෂණ ෆයිල් අනුර එළියට දායි…

වංචා දූෂණ ෆයිල් අනුර එළියට දායි…

වංචා දූෂණවලට සම්බන්ධ දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ නිලධාරීන් සම්බන්ධ ලිපිගොනු හෙළිදරව් කිරීම මේ වනවිට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට සිදුවෙමින් තිබේ.

මෙතෙක් ඉදිරිපත් කළ ලිපි ගොණුවල සාරාංශයක් පහතින පල වේ.

  • ජාලිය වික්‍රමසූරිය අමෙරිකානු තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 3.3 ක් අයතා පරිහරණය.
  • මැතිවරණයට දින කිහිපයකට පෙර ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මිලියන 4100 ක් චීන සමාගමකට ලබාදීම හා චීන සමාගම තිරු නඩේශන්ගේ සමාගමකට අයත් වෙනත් ගිණුමකට ඩොලර් මිලියන 5 ක් මාරු කිරීම හා එම මුදල් යොදාගෙන මල්වානේ ඉඩම මිලදී ගැනීම.
  • එයාර් බස් ගනුදෙනුව හරහා ගුවන් යානා 14 ක් මිලදී ගැනීම සහ එහි විටිනාකම ඩොලර් බිලියන 2.2 ක් වන අතර මේ සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වෙන්නේ එවක කතානායක චමල්ගේ රාපක්ෂගේ නිවසේ.
  • මෙම ගුවන් යානා මිලදී ගැනීමේදී කප්පම් වශයෙන් ඩොලර් මිලියන 16ක් යෝජනාවී ඇති අතර එයින් ඩොලර් මිලියන 02ක් කප්පමක් ලෙස ලබාගෙන තිබෙනවා.
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල ඉදි කිරීමේදී සම්මත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කළ ගණුදෙනුවකින් මුදල් වංචා කිරීම.
  • 2011 වසරේ සිට ව්‍යාපෘති 51ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව කැමැත්ත ප්‍රකාශය මත කැබිනට් අනුමැතියෙන් පමණක් සිදු කර ඇති අතර එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 7918ක්.
  • හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඩොලර් මිලියන 6.5ක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැගීම සඳහා අමෙරිකාවේ CIA නියෝජිතයෙකුට ලබාදී ඇති අතර අදාළ CIA නියෝජිතයා වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අසමත්වීම නිසා මේ වන විට අමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  • යෝෂිත රාජපක්ෂගේ ඉඩම් ලයිස්තුව ගැන හෙළිදරව්ව සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේපළ ලයිස්තුවක් සම්බන්ධයෙන්ද මෙහිදී හෙළි කළා.
  • 2015 ජනාධිපතිවරණයේදී එවක අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන යොදා ගැනීම සම්බන්ධයෙන්ද අනාවරණයක් කළා.
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ බිලියන තුනක් අනුමැතියකින් තොරව වියදම් කිරීම.
  • ඇවන්ගාඩ් ව්‍යාපෘතිය හරහා රජයට ලැබෙන මුදල නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් විසින් සියයට 25 සිට 17 දක්වා අඩු කිරීම තුළිත් සිදුවූ වංචාව මෙන්ම හිටපු අල්ලස් කොමිසමේ සභාපති දිල්රුක්ෂ ඩයස් අල්ලස් කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කළේ මෙම පරීක්ෂණය සිදු කිරීම හේතුවෙන් බවද අනාවරණය කළා.
  • හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වත්කම් හා දේපළ පිළිබඳව හෙළිදරව්වක් සිදු කළ අතර එහිදී මහින්දාන්ද අලුත්ගමගේට සිංගප්පූරුවේ බැංකු ගිණුම් දෙකක් ඇති අතර එසේම කටුනායක ගුවන් තොටුපොළේ තීරුබදු රහිත වෙළඳසැල් දෙකක්ද ඇති බවට හෙළි කිරීම.
  • සඳහිරු සෑයේ තැන්පත් කිරීමට ලබාගත් රත්‍රන් පිළිබඳ හෙළි කිරීම.
  • වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය යහපාලන සමයේ සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන තුනක මුදලක් අවභාවිතා කිරීම.
Facebook
Twitter
LinkedIn