‘‘ඇමතිගේ තර්ජනවලට අපි බය නැහැ‘‘ – බවුසර් හිමියෝ කියති

‘‘ඇමතිගේ තර්ජනවලට අපි බය නැහැ‘‘ – බවුසර් හිමියෝ කියති

ඇමතිවරයාගේ තර්ජනවලට බය නැති බවත් හැකිනම් බලපත්‍ර අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී ශාන්ත සිල්වා අද (1) පැවසීය.

නව බලපත්‍ර ලබාදෙන්නේ යැයි කියන සුරංගනා කථාවලට ටැංකි රථ හිමියන් බිය නොවන බවත් නව බලපත්‍රයක් ගෙන ටැංකි රථයක් ධාවනයට එක්කිරීමට අඩුම තරමින් මාස හයක්වත් ගතවන බවත් ශාන්ත සිල්වා පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇමතිවරයාව නොමඟ යවලා තිබීම නිසා ඔහු ගැන කණගාටු වන බව කියන ශාන්ත සිල්වා ටැංකි රථ හිමියන් සියලු දෙනා බපත්‍රය විකුණා මුදල් බැංකුවේ තැම්පත් කර ජීවත්වීමට සූදානම් බවද සඳහන් කරයි.

ඉන්ධන මිල වැඩීමත් සමඟ ඉන්ධන ටැංකි රථ ගාස්තු වැඩි කිරීමේ මිල සූත්‍රයට අනුව කටයුතු කළේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් ආණ්ඩුව මර්දනය තෝරාගන්නේ ටැංකි රථ හිමියන් 06 වැනිදා පවත්වන දැවැන්ත හර්තාලයට එකතු වන නිසා බවත් ශාන්ත සිල්වා මහතා වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn