ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ගෙවී ගිය 2020 සහ 2021 යන වසර දෙක තුළ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 5.252කින් ඉතා විශාල වශයෙන් ඉහල දමා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසරට අදාළව ඊයේ රාත්‍රියේ (29) වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය වේ. 2019 වසර අවසන් වනවිට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.155ක් වී තිබූ අතර එය 2021 වසර අවසන් වනවිට රුපියල් ට්‍රිලියන 19.407ක් දක්වා ඉහල ගොස් තිබේ.
එසේම, සමස්ත ණය ප්‍රමාණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් 2019 වර්ෂය අවසන් වනවිට 94.4% ක්ව තිබී එම අගය 2021 වර්ෂය අවසන් වනවිට 115.5%ක් දක්වා ඉහල නැග තිබිණි.
Image -www.dailymirror.lk

Views: 0










