එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කීව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්රහාරයක් එල්ල විය.
රුසියානු හමුදා පසුබැසීමෙන් පසු සති දෙකකට ආසන්න කාලයකදී කීව් අගනුවරට එල්ල වූ පළමු සහාසික රොකට් ප්රහාරය මෙය වේ. රොකට් ප්රහාරයෙන් තුන්දෙනෙකු තුවාල ලබා ඇත.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ යුක්රේනයේ යුද්ධය වැළැක්වීමට හෝ අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ කවුන්සිලය අපොහොසත් වූ බවයි. තවද මෙය “ඉතා කලකිරීමක් සහ කෝපයක් ඇති කරවන්නක්” බව ඔහු පැවසීය.
“යුක්රේනය යුද කලාපයක් කියල අපි දන්නව නමුත් එය අපට ආසන්නයේ සිදු වීම කම්පනයට කරුණක්” එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලයේ ප්රකාශක සැවියානෝ ඇබෘ පැවසීය.
Views: 0










