ආහාර පිසින්න දර පාවිච්චි කරන්න – ගෑස් සමාගම ඉල්ලයි

දර ඇතුළු විකල්පවලට මාරුවන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු ගෑස් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සපයන බවත් ඒ අනුව ඉදිරියේදී ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැයීමට තීරණය කර ඇති බවත් ඔහු පැවසීය.

එම තීරණයත් සමඟ දෛනික පැවැති සිලින්ඩර 60,000ත් 80,000ත් අතර පැවැති ගෑස් සැපයුම සිලින්ඩර 30,000ක් දක්වා අඩු කරන බව කී එම නිලධාරියා ගෑස් පාරිභෝගිකයන්ගෙන් 27%ක් පමණක් ගෑස් පමණක් පාවිච්චි කරන බවද සඳහන් කරයි.

රටේ මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට නම් මාසිකව ඩොලර් මිලියන 30ක් අවශ්‍ය බවත් වර්තමාන තත්වය අනුව එවැනි වියදමක් කළ නොහැකි බවත් රට ගොඩගැනීමට නම් සියලු දෙනාට කැපවීම් කළ යුතු බවත් එම නිලධාරියා පවසයි.

දර ඇතුළු සෙසු ඉන්ධන වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත සෙසු ඉන්ධන සඳහා මාරුවීම රට වෙනුවෙන් කළයුතු බව සඳහන්කරන එම නිලධාරියා, ජනතාව වර්තමාන තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද පවසයි.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn