භුමිතෙල් මිල දි ගැනිම සදහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසළ පැය පහකට අධික කාලයක් පොලිමේ රැදි සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු අද (27) අලුයම ඔහු පදිංචි නිවස තුළදිම මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් ක්‍රිෂ්ණසාමි නැමති වයස අවුරුදු 55ක දෙදරු පියෙකි.
මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති විදියේ කුලි පදනම මත ලබාගත් වෙලදසැලක නිමි ඇදුම් ව්‍යාපාරය සිදුකරගෙන යන්නෙකි. ඔහු ගේ බිරිඳ සඳහන් කරන්නේ, තම සැමියා ඊයේ (26) රාත්‍රි 07ට පමණ නිවසට අවශ්‍ය භුමිතෙල් ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හලේ පොලිමට ගිය බවත් අද අලුයම 12.30ට පමණ නිවසට පැමිණ දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව තමන්ට පැවසු බවත්ය. පසුව රාත්‍රි ආහාර ලබා ගන්නා අවස්තාවේ ඔහුට වමනය ගිය බවත්, ඉන් අනතුරු තම සැමියා එකවරම මිය ගිය බව ඔහුගේ බිරිඳ පවසයි.
තම සැමියාට මිට ප්‍රථම කිසිදු රෝගි තත්වයක් නොතිබුණු බවත්, භුමිතෙල් ලබා ගැනිමට පැය ගණනක් පොලිමේ රැදි සිටි නිසා දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මෙසේ මියගිය බවත් ඇය කියා සිටියි.
මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පවසයි.
සති ගණනාවකට පසු හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (26) පස්වරු 04ට පමණ ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් ලද භුමිතෙල් ලිටර් 6,600ක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් 2,000 අධික පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දිගු පොලිම්වල රැදි සිටි අතර එම පාරිභෝගිකයන්ට රුපියල් 500ක භුමිතෙල් නිකුත් කිරිම අද දින අලුයම 03 පමණ වන තෙක් සිදු කළ බව ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු පැවසීය.
















