‘යන්න කියන’ ජනාධිපති සහ අගමැති පවුල් බලය යළිත් තහවුරු කරගෙන

‘යන්න කියන’ ජනාධිපති සහ අගමැති පවුල් බලය යළිත් තහවුරු කරගෙන

ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස මහජන විරෝධතා පැන නැගී තිබියදී අලුතින් පත් කළේ යැයි කියන කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම තුළ පවුලේ බලය අති විශාල වශයෙන් තහවුරු කර ගෙන තිබේ.

පසුගිය 25 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල සන්දේශ අටක් (08) ඉදිරිපත් කර ඇති අතර එයින් හතක් (07) ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති සහ අගමැති විසිනි. ආරක්ෂක ඇමති ලෙස ගෝඨාභය රාජපක්ෂ කැබිනට් සන්දේශ හතරක් (04) ද අගමැති මහින්ද රාජපක්ෂ සන්දේශ තුනක් (03) ඉදිරිපත් කර ඇත.

ඊට අමතරව විදුලි බල ඇමති කන්චන විජේසේකර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එම පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළව ය.

Facebook
Twitter
LinkedIn