පවතින අර්බුදයට විසඳුම් දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු අද (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථකව සිදු කළ බවත් අර්බුදයට විසඳුම් ලබාදීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වන්නේ නම් එළඹෙන 28 වැනිදා, සියලු වෘත්තීන් සමග ඒකාබද්ධ වැඩ වර්ජනයකට යොමුවන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසයි.
අද දින ගුරු – විදුහල්පති වර්ජනයක් ක්‍රියාත්මක බව ප්‍රකාශය කිරිම නිසා බහුතරයක් දෙමව්පියන් තම දරුවන් පාසල් නොඑවීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.
Views: 0










