මාර්ග බාධක යොදා පොලීසිය කොටුව වටකරයි

මාර්ග බාධක යොදා පොලීසිය කොටුව වටකරයි

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර ඇති බව වාර්ත වේ.

එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහනවලට පවා මාර්ගයට ඇතුළු වීමට අවසර ලබා දෙනු ලබන්නේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ලේක් හවුස් ඉදිරිපිට නෙළුම් මාවත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාහන ධාවනයට අවහිර කර ඇති බවද පැවසේ.

මේ වනවිට ගලදාරී හෝටලය ආසන්නයේ මාර්ගය පොලීසිය විසින් මාර්ග බාධක යොදා මුළුමනින්ම අවහිර කර ඇතැයිද වාර්ත වේ.

Facebook
Twitter
LinkedIn