ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුල සහ ආණ්ඩුව බලය අත්හැරිය යුතු බවට රට පුරා ජනතාව උද්ඝෝෂණය කරන අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මහින්ද බලයෙන් ඉවත් කර ගෝඨාභය රාජපක්ෂ රැක ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.
ඊයේ (22) ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඔහු සඳහන් කර ඇත්තේ අගමැති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවස්ථාව ලබාදිය යුතු බවය. එහෙත් විධායකය හොබවන කැබිනට් මණ්ඩලයේ මූලිකයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයෙන් අති මහත් බලතල ප්‍රමාණයක් අත්පත් කර ගෙන සිටින ජනාධිපති ආරක්ෂා කරගෙන සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමන කරමින් සිටී.
එම 20 වෙනි සංශෝධනයට සම්පූර්ණ සහයෝගය පළකළ ඩලස් අලහප්පෙරුම වීරවංශ ගම්මන්පිල වාසු ඇතුළු පිරිස තව දුරටත් ජනාධිපති රැක ගනිමින් ජනතා ඉල්ලීමට ද්‍රෝහීවන ක්‍රියාමාර්ග දියත් කර ඇත. මේ වනවිට ගෝඨාගෝ ගම යනුවෙන් සංඛේතවත් කෙරෙන රටේ අතිමහත් ජනතාවගේ ඉල්ලීම අනුව යමින් ගූගල් සිතියමේ පවා සටහන් කර තිබෙන පසුබිමක ඩලස් අලහප්පෙරුම මෙම දියාරු ක්‍රියාමාර්ග දියත් කිරීම විශේෂත්වයකි.












