පසුගිය 18වනදා වරාය රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ හදිසියේම අද එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ යළි දිවුරුම් දී තිබේ.
රට අර්බුදයකට පත්ව ඇති මොහොතක මෙලෙම ඇමති ධුර හිතූ හිතූ ලෙස මාරු කරමින් සිදුකරන නාඩගම නතරකර වහාම ජනතාව ඉල්ලා සිටින පරිදි ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බලයෙන් ඉවත්ව යන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (22) දිනයේද පාර්ලිමේන්තුවේදී පැවසීය.
Views: 0










