අගමැති ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න – ආණ්ඩුවේ තවත් 13ක් ජනපතිට ලියයි

රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරදා (19) හමුවී ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ලිපියක්ද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

නව අගමැතිවරයකු යටතේ, සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසද එම මන්ත්‍රීවරු ඉල්ලීමක් කර ඇත.

මෙම මන්ත්‍රීවරු 13 දෙනා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසක් බවද පැවසේ.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන්ටද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ඔවුන් එම ලිපියෙන් දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.

මූලාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn