රඹුක්කන සිද්ධියේ තුවාල ලැබූ සංඛාව 24 දක්වා ඉහළට

රඹුක්කන සිද්ධියේ තුවාල ලැබූ සංඛාව 24 දක්වා ඉහළට

රඹුක්කන සිදුවීමෙන් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

තුවාල ලැබූ පිරිස අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද ඇතුළත් බවද ඔහු සඳහන් කරයි.

මෙහිදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් දෙදෙනෙකු හදිසි ශෛල්‍යකර්මයකට භාජනය කළ බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn