කණ්ඩායම් සංගීතයේ මෙරට මෙන්ම ලොව පුරා ජනප්‍රියත්වයටත් ජනාදරයටත් පත් “ජය ශ්‍රී” සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රෝහාන් ජයලත් අද (16) ගාලුමුවදොර ගෝටාගෝගම පිහිටි විරෝධතා භූමියේ අරගලයේ නිරත ජනතාව හා එක්වූහ.
ඔවුන් අරගලයේ නිරත ජනතාවට ශක්තිය සපයමින් ආශීර්වාද කරමින් ගීත කිහිපයක් ගායානා කරන ලදී.
රටේ සියලුම පුරවැසියන්ට ජාති, ආගම් බේදයකින් තොරව සතුටෙන් ජීවත්වියහැකි රටක් වෙනුවෙන් සිදුකන අරල ලෙස මෙය ඔවුන් හඳුන්වා දුන් අතර එවැනි රටක් දැකබලාගැනීම තම අපේක්ෂාව බවද එහිදී ඔවුන් ප්‍රකාශ කළහ.



Views: 0










