කබ්රාල් ඉහළ අයකිරීම් සහිත නීතීඥයින් දුසිම් ගණනක් හොයයි…

කබ්රාල් ඉහළ අයකිරීම් සහිත නීතීඥයින් දුසිම් ගණනක් හොයයි…

රෙමට තුළ අධිකරණයට හමුවේ විත්තකරුවෙකු වෙනුවෙන් පෙනී සිටිමින් ඉහළම මුදලක් අය කරන නීතීඥවරු විශාල පිරිසකගේ සහයෝගය ලබා ගැනීමට අජිත් නිවාඩ් කබ්රාල් ක්‍රියා කරන බවට තොරතුරු වාර්තා වේ.

ඒ ඔහුට විරුද්ධව සාපරාධී විශ්වාසය කඩ කිරීම මූල්‍ය සාවද්‍ය පරිහරණය යන මූලික චෝදනා පදනම් කරගනිමින් දණ්ඩනීති සංග්‍රහය සහ විනිමය ආඥා පනත යටතේ චෝදනා 06ක් මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය අප්‍රේල් 07 වෙනිදා ගොනු කළ නඩුවකට අදාලවය. රංජිත් කීර්ති තෙන්කොන් අධිකරණයට කර තිබූ මෙම පැමිණිල්ල අනුව ලබන 18 වෙනිදා දක්වා ඔහුගේ විදේශ ගමන් තහනම් කොට එදිනට නැවත නඩුව සලකා බැලීමට දින දී තිබේ.

Facebook
Twitter
LinkedIn