ජනතාව විවිධ දුක් කම්කටලුවල වෙලී සිටිද්දී ජනාධිපති අගමැති ප්‍රමුඛ සුර සැප විඳින පාලකයන් ගෙදර යා යුතු බව ප්‍රකාශ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා ප්‍රාදේශීය වශයෙන් විරෝධතා ආරම්භ කර තිබේ.
මෙම විරෝධතාවලට ඊයේ (13) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්වී සිටියහ. උන්වහන්සේලා පොලොන්නරුව මනම්පිටිය පාලම දක්වා පා ගමනින් වැඩම කරවා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය පෑහ. ජනතාව සියලුම ආකාරයෙන් පීඩාවට පත්කර තිබෙන ජන පීඩක ආණ්ඩුව වහාම ගෙදර යා යුතු බව උන්වහන්සේලා නිහඬව බල කර සිටියහ.





ඡායාරූප පොලොන්නරුවේ නිමල් ජයරත්න
Views: 0










