මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? – මහින්දගේ ජාතිය ඇමතීමට විරෝධය හතරවටින්

මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? – මහින්දගේ ජාතිය ඇමතීමට විරෝධය හතරවටින්


අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ රාත්‍රියේ ජාතිය අමතනවා යැයි සඳහන් කරමින් කළ කතාව තුළ රණවිරුවන්ට අපහාස කරන්න එපා සහ 87/89 අතීතය යනාදිය දක්වමින් කළ කතාවට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ.

එම කතාන මූලික කර ගනිමින් අද (12) නිකුත් කරන ලද “අද” පුවත්පතේ දැඩි ප්‍රහාරාත්මක ලිපියක් පළකර ඇත. එහි සිරස්තලයට යොදා තිබෙන්නේ “මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?” යන්න ය. එම පුවත්පතේ ප්‍රධාන කතෘ කාන්චන දසනායක මෙම සිරස්තලය උපුටා ගෙන තිබෙන්නේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවකින් ය.

ලිපිය අවසන් කරමින් කතෘවරයා තබා ඇති සටහන “රටේ සියලු තරුණයින්ගේත් හීන කඩා දමා ඔවුන්ගේ ශිෂ්ඨ සම්පන්න විරෝධයට වැරදි අර්ථකතන දෙමින් මහින්ද කරන්නේ කුමක්ද? ඒක මහින්දවත් දන්නවා දැයි දන්නේ නැත.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn