ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව ඇති වැදගත්කම සම්බන්ධය තබාගැනීම බවත් අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන සාකච්ඡා කිරීමට තරම් දුරකට සාකච්ඡාව ගෙනයාමට නොහැකි වූ බවත් හිටපු ඇමති වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (10) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමති වාසුදේව නානායක්කාර,
වාසුදේව නානායක්කාර :- ජනාධිපති තුමා සමග අද පැවති සාකච්ඡාව අපි කළේ එතුමාට අපි යවපු ලියුම ගැන
මාධ්‍යවේදීන් :- ලියුමේ අන්තර්ගතය කුමක්ද?
වාසුදේව නානායක්කාර :- ඒක අපි ජනාධිපති තුමාට යවපු ලියුමක්නේ. අන්තර්ගතය මට කියන්න බැහැ.
මාධ්‍යවේදීන් :- අන්තර්කාලීන ආණ්ඩුවට කැමති වුනාද ජනාධිපති තුමා?
වාසුදේව නානායක්කාර :- නැහැ. එහෙම සාකච්ඡාවක් තිබුන්නැහැ. අපි ඔක්කොම, අපේ පක්ෂ 10ම අය සහභාගී වුනා.
මාධ්‍යවේදීන් :- ජනාධිපති තුමාගේ ප්‍රතිචාරය කොහොමද?
වාසුදේව නානායක්කාර :- සාමාන්‍ය හිතවත්කම එතුමාගේ තිබුණා. එහෙම තමයි.
මාධ්‍යවේදීන් :- එතකොට මේ හමුවීමේ වැදගත්කමක් නැද්ද?
වාසුදේව නානායක්කාර :- නැහැ. එහෙම වැදිගත්කමක් නැහැ. සම්බන්ධය තබාගැනීමේ වැදගත්කම තමයි.
මාධ්‍යවේදීන් :- දිගින් දිගටම ඔබතුමාලා අන්තර්කාලීන ආණ්ඩුවක් බිහිකරන්න කතා කළා.
වාසුදේව නානායක්කාර :- ඒකගැන ප්රශ්නය අපිට එතුමා එක්ක ගන්න බැරිවුනා. එච්චර දුර යන්න බැරිවුනා සාකච්ඡාවට.
මාධ්‍යවේදීන් :- දැන් මේ පක්ෂ 10 එකතුවෙලත් මේ සාකච්ඡාව කරගන්න බැරිවුනාද එතකොට?
වාසුදේව නානායක්කාර :- බැරිවුනා. සාකච්ඡාව කරගන්න බැරිවුනා.










