ඉන්දියාවෙන් ණයගට ගත්තු ඉන්ධ බාගයකටත් වඩා අවසන් – සංස්ථවේ සභාපති කියයි

ඉන්දියාවෙන් ණයගට ගත්තු ඉන්ධ බාගයකටත් වඩා අවසන් – සංස්ථවේ සභාපති කියයි

ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන මිලදීගැනීම සඳහා මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50න් මේ වනවිටත් ඩොලර් කෝටි 29ක් වටිනා ඉන්ධන ලබාගෙන අවසන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.

එම ණය ආධාර යටතේ වසරක කාලයක් තුළ ඉන්ධන ලබාගැනීමට හැකි බවත්, එම ආධාර යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කරගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පවසයි.

ඉන්දීය ණය ආධාර ක්‍රමයට අමතරව වෙනත් සැපයුම්කරුවන් සමඟද ණය ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් මෙම ණය යෝජනා ක්‍රමය අවසන් වූ පසුවද එම සැපයුම්කරුවන් හරහා ඉන්ධන ලබාගත හැකි බවත් ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn