කටුනායක සෙබළුන්ට තැපැල් ඡන්දය නැහැ – NEM IHR

කටුනායක ගුවන් හමුදා කඳවුරේ සෙබළුන්ට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් NEM IHR මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකළ පැමිණිල්ලක පිටපත් ‍මාධ්‍යවෙත නිකුත් කරමින් සඳහන් කරයි.

එම සංදයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා‍ගේ අත්සනින් නිකුත් කර ඇති එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

“එම කඳවුරට අනුයුක්ත කොට සිටින මහනුවර, කරුණෑගල, මාතර, කොළඹ සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයන් හි ඡන්ද හිමි ලේඛනයේ ලියාපදිංචි සෙබළුන්ට 2014-12-31වන දිනය වනවිටත් තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව හෝ ඒවා ප‍්‍රතික්ෂේප වී ඇති බවට කිසිම නිල දැනුම් දීමක් ලැබී නොමැත.

අදාල හමුදා කඳවුරේ බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් හමුදා බටයින්ගේ සියළුම තැපැල් ඡන්ද ප‍්‍රතික්ෂේප වී ඇත.

සෙබළුන් විශාල සංඛ්‍යාවකට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීම පිළිබඳ සොයා බලා එම පිරිසට 2015-01-08 දින ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීමට මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු”

Facebook
Twitter
LinkedIn