තෙල් මිල සොච්චමක් අඩු කිරීමේ සූදානමක්!

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල පසුගිය මාස කිහිපය තුළ 50%කින් පමණ අඩු වී තිබියදී එහි වාසිය මෙරට ජනතාවට ලබා නොදුන් ජනාධිපතිවරයා තම මැතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල අඩු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මේ වනවිට ඉන්ධන මත අති විශාල බදු ප්‍රමාණයක් පනවා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට බල කර සිටින්නේ එම අසීමිත බදු බර ඉවත් කර ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය මෙරට පාරිභෝගිකයින්ට ලබා දෙන ලෙසය. එහෙත් එයට සූදානම් නැති ආණ්ඩුව මැතිවරණය ආසන්නයේ ඉතා සුළු වශයෙන් ඉන්ධන මිල අඩු කර ඇත.

Facebook
Twitter
LinkedIn