තෙල් සංස්ථාවට සුද්දය දුන් හැටි මෙන්න!

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සම්පූර්ණයෙන්ම බිඳ වට්ටවා ඇති බව අලුත්ම විගණකාධිපති වාර්තාවෙන් හෙළි වේ. පසුගිය සැප්තැම්බර් 11 වෙනි දින එම වාර්තාව නිකුත් කර තිබේ.

සංස්ථාවේ ප්‍රාග්ධන ඛාදනය යන අනු මාතෘකාව යටතේ විගණකාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ” ප්‍රවර්තන ව්‍යාපාරයක් ලෙසට අඛණ්ඩව පවත්වා ගැනීමට ඇති හැකියාව සැක සහිතය. ” සම්බන්ධයෙන් සඳහන් කර ඇත. හෙජින් ගණු දෙනුව හේතුවෙන් සංස්ථාව දරණ ලද පාඩුව ඉතා ඉහළ මට්ටමක තිබීමෙන් 2012 වර්ෂයේ අලාභය ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව එයින් අනාවරණය කර ඇත.

2007 වර්ෂය අවසන් වන විට සංස්ථාව රුපියල් මිලියන 3984 ක ශුද්ධ ලාභයක් ලබා තිබුණු අතර එම වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 13,568ක ශුද්ධ වත්කම් ප්‍රමාණයක් තිබී ඇත. නමුත් 2008 වර්ෂයේ සිට එහි පාඩුව සීඝ්‍රයෙන් ඉහළ යමින් ශුද්ධ වත්කම් ප්‍රමාණය සෘණ තත්වයක් ගෙන තිබිණ. පිළිවෙලින් එය මෙසේය.  2008 වර්ෂයේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 14,952ක් විය. ශුද්ධ වත්කම් ප්‍රමාණය සෘණ රුපියල් මිලියන 1,416ක් වී තිබිණ. 2012 අවසන් වන විට ශුද්ධ පාඩුව රුපියල් මිලියන 97,308ක් ද ශුද්ධ වත්කම් ප්‍රමාණය සෘණ රුපියල් මිලියන 228,545ක් දක්වා බිඳ වැටී තිබිණ.


Facebook
Twitter
LinkedIn