භික්ෂූන් වහන්සේලාගෙන් එල්ලවන දෝෂාරෝපණ හමුවේ තමන්වහන්සේ සිවුරුහැර සාසනයෙන් ඉවත්වීමට තරම් සිත්ව ඇතැයි එල්ලාවල මේධානන්ද හිමියන් උන්වහන්සේට සමීපතම භික්ෂූන් වහන්සේලා සමග පවසා ඇතැයි ඊයේ (30) අප වෙබ් අඩවිය (Lankatruth) වාර්තා කර සිටි අතර එම දෝෂාරෝපණය එල්ලවීමට පාදක වූ මේධානන්ද හිමියන්ගේ ලිපියද අප විසින් පළ කරන ලදී.
එමෙන්ම මේධානන්ද හිමියන්‍ගේ ලිපිය විවේචනයට ලක් කරමින් යොමු කරන ලද ලිපියක් මේ වනවිට අපවෙත ලැබී තිබේ. එම ලිපිය බමුණාකොටුව සූරියගොඩ සුදස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඩී. විමලබුද්ධි හිමියන් විසින් යොමු කරන ලද්දක් වන අතර උන්වහන්සේ බොහෝ මාධ්‍ය ආයතනවෙතද මෙය ලබා දී තිබේ.
ආශ්‍රිත පුවත්




Views: 0









