ඉදිරියේදී පාන් රාත්තලක මිල රුපියල් 100 ඉක්මවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය.
ගෑස් සහ තිරිගු පිටි හිඟය හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇතැයිද ඔහු පවසයි.
පවතින අර්බුදකාරි තත්වය හේතුවෙන් බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වසා දමා ඇති බව ඔහු අවධාරණය කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන,
“අද වෙනකොට අපට දැනගන්න තියෙන විදිහට බේකරි 1,000 වැඩි ප්‍රමාණයක් තවකාලිකව වහලා තියෙනවා වැඩකරගන්න බැරුව. ඒ සමගම සියලුම බේකරිවල වැඩ කරන්නේ සතියට දවස් 05යි උපරිම. දවස් 05කට වඩා වැඩකරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ විදිහට යනකොට ඉදිරියේදී මම හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100 පනිනවා අනිවාර්යෙන්ම. 100 නෙමෙයි 150ට යන්නේ නැතුව නැවතුනොත් ඇති. මේ තියෙන බඩු ගණන් අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අන්වාර්යෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ට වැඩියෙන් විකුණන් වෙනවා. 100 අඩුවෙන් විකුණවානම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියකක් නෙමෙයි. ඉතින් අපිට කියන්න කරුණු ඉතුරුවෙලා නැහැ. අර ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ.
සියලුම ප්‍රශ්න ටික අපේ කරපිට ඇවිත් ඉවරයි. තව සතියක් මේ විදිහට ගියොත් මුළු ලංකාවේ තියෙන සියලුම බේකරි ටික වහලා දාන මට්ටමට පත් වෙනවා.”









