ලයිට් බිල නොගෙවූ ඇමති වතුර බිලත් ගෙවා නැහැ…

ලයිට් බිල නොගෙවූ ඇමති වතුර බිලත් ගෙවා නැහැ…

සිය නිල නිවෙසට ලබාගත් විදුලිය වෙනුවෙන් හිඟ මුදලක් ගෙවීම පැහැර හැර සිටියේ යැයි කියන ඇමැතිවරයකු එම නිල නිවෙසට ලබාගත් ජලය වෙනුවෙන්ද හිඟ මුදලක් ගෙවීමට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

මෙලෙස සිය නිල නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වූ අතර ඒ බව සනාථ කරන ලේඛනයක්ද පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ අතර ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට හිඟ මුදල් නොගෙවූ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගෙන් එම හිඟ මුදල් අය කර ගැනීමට වහාම කටයුතු කරන්නැයි එම මණ්ඩලයේ වෘත්තිය සමිති නියෝජිතයන් රැසක් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

Facebook
Twitter
LinkedIn