ලංකාවේ ඕනම තැනක කොරෝනා සිරුරු භූමිදානය කිරීමට අවසර…

ලංකාවේ ඕනම තැනක කොරෝනා සිරුරු භූමිදානය කිරීමට අවසර…

කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට රජය අවසර ලබා දී තිබේ.

මෙයට අවසර ලබාදීමේ විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් ඊයේ (04) නිකුත් ඇත.

අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

කෙසේ වෙතත් පසුගිය සමයේ ජනතාව බොහෝ පිරිසක් තම ඥාතීන්ගේ සිරුරු භූමිදානය කිරීමට ඉල්ලා සිටියත් ඊට අවසර නොදී ආදාහනය කරනු ලැබූවේ එම සිරුරු භූමිදානය කිරිම හරහා කොවිඩ් වෛරසය පසට මිශ්‍රවී ජලයට මිශ්‍රවී විශාල වශයෙන් පැතිර යන බව පවසමිණි. කෙසේ වෙතත් පසුව විදාඥයින් විසින් ලබා දුන් වර්තාවක් මත පදනම්ව ජන ශුණ්‍ය ප්‍රදේශයක භූමිදානය සඳහා අවසර ලබාදෙන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්