රට තුළ මේ වනවිට විවිධ අංශවලින් පැන නැගී තිබෙන අර්බුද හමුවේ රටේ ආර්ථිකය අකර්මන්‍යවීමේ දැඩි අනතුරක් පවතින බවට ඒකාබද්ධ වෙළඳ මන්ත්‍රණ සභාව අනතුරු අඟවා ඇත.
පසුගිය තුන්වෙනිදා එම වෙළඳ මන්ත්‍රණ සභාව රැස්වී මේ වනවිට මතු වී තිබෙන ගැටලු පිළිබඳව ගැඹුරින් සමාලෝචනය කර තිබේ. එය අවසානයේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම වෙළඳ සංගම් විසින් අනතුරු ඇඟවීම කර ඇත.
රටේ නිෂ්පාදනය බිඳ වැටීම සහ ව්‍යාපාරික අංශ කඩා වැටීම හෝ ඇණහිටීම මගින් සමස්ත ආර්ථිකයම අකර්මන්‍ය විය හැකි බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. මෙම තත්වය වහාම විසඳීම සඳහා විදේශ විනිමය අර්බුදය මගහරවාගෙන නිසිපරිදි තෙල් සැපයීම පවත්වාගනිමින් අකණ්ඩව විදුලිය සැපයිය යුතු බව පෙන්වා දී තිබේ.
0








