ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතා හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එම හදිසි කැබිනට් සංශෝධනය අනුව අධ්‍යාපන ඇමති ධුරය සඳහා එස්.බී. දිසානායකද, විදුලි බල ඇමති ධුරය සඳහා පවිත්‍රා වන්නිආරච්චිද පත් කිරීමට යෝජිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
කර්මාන්ත අමාත්‍යාංශය එහි වත්මන් ඇමති විමල් වීරවංශගෙන් ඉවත් කර එය දිනේෂ් ගුණවර්ධනට ලබාදීමට තීරණය කර ඇතැයිද එම ආරංචිමාර්ග තහවුරු කරයි.
මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි හොබවන ප්‍රවාහන අමාත්‍ය ධුරය දිලුම් අමුණුගමට ලබා දීමට නියමිත බවත් මේ වනවිට විදුලි බල අමාත්‍ය ධුරයේ කටයුතු කළ ගාමිණී ලොකුගේ බලශක්ති අමාත්‍ය ධූරය සඳහා පත් කරනු ඇතැයි අදාළ ආරංචි මාර්ග පවසයි.
0









