අනුමත කාර්යමණ්ඩලයට අමතරව දේශපාලන හිතවතුන් 8000ක් රජයේ ආයතනවල හොරෙන් වැඩ

අනුමත කාර්යමණ්ඩලයට අමතරව දේශපාලන හිතවතුන් 8000ක් රජයේ ආයතනවල හොරෙන් වැඩ

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් 8000කට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ.

මේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී ඇතැයිද වාර්තා වේ.

මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මින් වැඩිදෙනෙකුට ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ පැවරීමක් හෝ කර නැතැයිද දැනගන්නට ඇත.

මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත.

පවතින ආර්ථික තත්වය යටතේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ට යම් නිශ්චිත වැඩ පැවරීමක් කර ඔවුන්ගේ සේවය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීමටද රජයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහකරන්නේ, අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවයේ යොදවා සිටින පිරිස් සිටී නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ආයතන ප්‍රධානීන්ට පැවරී ඇති වගකීමක් බවයි.

Facebook
Twitter
LinkedIn