ගෝටාබය අර්ධ ශතකයට ලඟාවෙයි

ගෝටාබය අර්ධ ශතකයට ලඟාවෙයි

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ යළිත් වරක් අමාත්‍යා මන්ඩල විශයපත සංශෝධනය කර තිබෙන අතර එහිදී අධිකරන ඇමති අලි සබ්‍රි යටතට පවරා තිබුණු ආයතන 04ක් ඉවත් කිරීමත් සමග අමාත්‍යාංශ විශයන් 45 වතාවක් සංශෝධනය කර තිබේ.

ඊයේ (23) මෙයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ජනාධිපතිගේ විශයපතයන්, අධිකරණ අමාත්‍යාංශයේ විශයපතයන් සහ බන්ධනාගාර හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශයේ විශයපත මෙන්ම කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ විශයපතයන් සංශෝධනය කර ඇත.

අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කර තිබූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජාපාදක විශෝදක දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුණුරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය යන ආයතන අධිකරණ අමාත්‍යාංශයෙන් ගලවා බන්ධනාගාර කලමණකාරණ හා සිරකරුවන් පුණරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශයට පවරා තිබේ.

මෙයට පෙර manthri.lk වෙබ් අඩවිය විසින් සමීක්ෂණ ප්‍රතිඵලයක් නිකුත් කරමින් හෙළිකර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් අමාත්‍යාංශ වශයයන් අවස්ථා 44කදී සංශෝධනය කර තිබූ බවය.

Facebook
Twitter
LinkedIn