මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කර අනුමත කරනලද කැබිනට් සංදේශයක් අනුව රුපියල් කෝටි 16,000කට අධික මහා මූල්‍ය මංකොල්ලයක් සිදු කිරීම වලක්වන ලෙස අධිකරණය වෙත යමේ සූදානමක් පවතින බව මාධ්‍ය හමුවකදී හෙළිකළේය.
මෙම මාධ්‍ය හමුව දූෂණ විරෝධී හඬ විසින් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මෙයට අදාල තොරතුරු රැසක් හෙළිකර තිබිණි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර – රඹුක්කන කොටස ඉදිකිරීමේදී මෙම මූල්‍ය අපරාධය සිදු කිරීමට යන බව එහිදී හෙළිකරණ ලදී.
මෙය වලක්වා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා අධිකරණය හමුවට යාමේ කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින බව එහිදී අවධාරණය කරනු ලැබීය.
https://youtu.be/4PG8C9m7YCg
Views: 0










