මේ වනවිට රට තුළ පවතින ඉන්ධන හිගය හේතුවෙන් සපුගස්කන්ද හා යුගදනවි යන බලාගාර අක්රිය වී ඇති බවත් එම නිසා ජාතික විදුලි පද්ධතියට අද (20) මෙගාවොට් 370ක් අහිමි වී ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම හිඟය අද දහවල් කාලයේ ජල විදුලියෙන් ආවරණය කරගන්නා නමුත් රාත්රි කාලයේ විදුලි සැපයුමට මෙම තත්වය බාධාවක් විය හැකි බවත් පැවසේ.
සතිඅන්තයේ දිනයක් වුවද ඊයේ (19) රාත්රි විදුලි ඉල්ලුම මෙගාවොට් 2,470ක උපරිමයක් දක්වා ඉහළ ගොස් තිබිණි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ වුවද ඉන් 76%ක්ම ගල් අඟුරුද ඇතුළුව තාප බලාගාරවලින් සම්පූර්ණ කර ගැනුණු අතර ජල විදුලි නිෂ්පාදනය 22% දක්වා අඩුවී තිබේ.
දැවිතෙල් මෙන්ම ඩීසල්වලින්ද විදුලිය ජනනය කළ හැකි කෙරවලපිටිය යුගදනවි බලාගාරය මේ වනවිට අක්රිය වී තිබෙන අතර එමගින් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමිවී තිබේ.
එම බලාගාරය සඳහා දැවිතෙල් ආනයනය කළ යුතු වන අතර මෙතෙක් බලාගාරය සක්රිය කෙරුණේ ඩීසල් භාවිතයෙනි.
මීට අමතවර දැවිතෙල් සංචිත අවසන් වීම හේතුවෙන් අද පෙරවරුවේ සපුගස්කන්ද A හා B බලාගාර යළි අක්රිය වී තිබෙන අතර මෙගාවොට් 100ක් එමගින් පද්ධතියට අහිමි වී තිබේ.
ඒ අනුව මේ වනවිට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370ක් අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම හිඟය අද දහවල් කාලයේ ජල විදුලියෙන් ආවරණය කරගන්නා නමුත් රාත්රි කාලයේ විදුලි සැපයුමට මෙම තත්වය බාධාවක් විය හැකි බව වාර්තා වේ.










