මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් තම කැබිනට් ඇමති බලතල යොදා ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම මූල්‍ය කලමනාකරණ කටයුතු සහ බැංකු ගිණුම් මහ බැංකුව යටතට ගැනීමට ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ.
ඉදිරි සති දෙක තුළදී ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කටයුතු මහ බැංකුව යටතට ගැනීමේ සියලු කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී. මෙම ක්‍රියාවලියට ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල දැඩි විරෝධයක් දක්වන බවත් එහෙත් කිසිසේත්ම එම විරෝධය නොතකමින් අජිත් නිවාඩ් කබ්රාල් තම අත්තනෝමතික බලය ක්‍රියාත්මක කරමින් සිටින බවත් අනාවරණය වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව රුපියල් කෝටි 200කට අධික ආදායම් උපයන ආයතනයකි. එසේම, මෙරට තුළ දිනක ආදායම කෝටි 200 ඉක්මවන රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ එකම ආයතනය ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එය බාරව සිටින ඇමතිවරයා පසෙකට තල්ලු කර දමා මහ බැංකු අධිපතිවරයා ක්‍රියාත්මකවීම පිළිබඳව කැබිනට් ඇමතිවරුන් ගණනාවක් අප්රකාශිත විරෝධයක සිටින බව වැඩිදුරටත් අනාවරණය වේ.










