ආණ්ඩුව විසින් වසරකින් කල දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට අදාළ බලතල සැප්තැම්බර් 20 වෙනි දිනෙන් පසුව ලැබෙන බව එම කොමිසමේ සභාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
ලබන වසරේ පෙබරවාරි මාසය වෙන විට පළාත් පාලන මැතිවරණය පවත්වා නිම කළ යුතුය. ඊට අදාළ පූර්ව විධිවිධාන සලසා ගැනීමට මැතිවරණ කොමිෂමට අවස්ථාව සැලසෙන්නේ සැප්තැම්බර් 20 වෙනි දිනෙන් පසුවයි. එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මෙම සූදානම්වීම පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
මෙම වසර තුළ පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකට ආණ්ඩුව සූදානම් වන බව මේ වෙනවිට තහවුරු වී ඇත. ඉන්දියාව ආණ්ඩුවට වැඩිම බලපෑම් එල්ල කරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.
Views: 0










